ධනය නිර්මාණයකිරීම ගැන අප විශ්වාස කරන්නෙමු

අයිඩියල් ෆිනෑන්ස් යනු Mahindra & Mahindra Financial Services Limited (Mahindra Finance/ MMFSL) හි අනුබද්ධිත ආයතනයකි. සිය සමාගම් නාමය Mahindra Ideal Finance Limited (MIFL) ලෙස නැවත සන්නාමකරණය හරහා එහි ඒකාබද්ධ ව්‍යාපාරික හවුල්කාර දෙපාර්ශවය (මහින්ද්‍රා ෆිනෑන්ස් සහ අයිඩියල් සමූහය) විසින් “මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස්” ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් (LFC) බවට පත් කිරීමේ දැක්ම ගොඩනඟනු ඇත. මහින්ද්‍රා ෆිනෑන්ස් හි ආයෝජනයන් සමග Fitch ශ්‍රේණිගත කිරීම් වල AA – (ස්ථාවර ඉදිරි දැක්ම/Outlook Stable) දක්වා නැවත ශ්‍රේණිගත කිරීම සමඟින් සමාගමට ශක්තිමත් පිළිගැනීමක් ලබා දී ඇත. ශ්‍රී ලංකාවේ සිදු කරන මෙම Mahindra & Mahindra Financial Services Limited ආයෝජනය ඉන්දියාවේ මෙන්ම ආසියානු වෙලඳපොලවල්වලට ද ව්‍යාප්ත කිරීම මහින්ද්‍රා ෆිනෑන්සි හි ජාත්‍යන්තර උපාය මාර්ගයේ කොටසකි (විශේෂයෙන්ම උපායමාර්ගික වැදගත්කමක් සහිත මෝටර් රථ සහ ගොවි උපකරණ නිෂ්පාදන සඳහා).

අයිඩියල් ෆිනෑන්ස් දැනටමත් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන් වෙත පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි. නැවත සන්නාමගත කරන ලද ආයතනය වන “මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස්” ඊටත් වඩා පුළුල් නිෂ්පාදන රැසක් පිරිනැමීම හරහා සිය පාරිභෝගික වටිනාකම් වැඩිදියුණු කරගැනීම පිළිබඳව තවදුරටත් කටයුතු කරනු ඇත. ඒ අතරට රන් ණය, පුද්ගලික වාහන සඳහා ලීසිං, වාණිජ ට්‍රක් රථ, යතුරු පැදි, ත්‍රීරෝද රථ, පාරිභෝගික මූල්‍ය ණය සහ පුද්ගලික ණය ආදී සේවාවන් ඇතුළත් වේ. තවදුරටත් සිය පාරිභෝගිකයින්ගේ දොරකඩට ම සේවා සැපයීම සහතික කිරීම සඳහා දිවයින පුරා සිය ශාඛා ජාලය ශීඝ්‍රයෙන් වැඩි කිරීමට ද සමාගම අපේක්ෂා කරයි.

මහින්ද්‍රා ෆිනෑන්ස් සතුව තිබෙන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ වසර 25ක විශේෂඥ දැනුම ප්‍රයෝජනයට ගැනීමට “මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස්” අදහස් කරනවා. එසේම ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් මූල්‍ය සේවා ව්‍යාපාරයක් ගොඩනැගීමට අයිඩියල් ෆිනෑන්ස් හි වෙළඳපල දැනුම ද ඊට එක් කර ගැනීමට නියමිතයි. මෙලෙස සිය ව්‍යාපාරික විෂය පථය පුළුල් කිරීමෙන් මහින්ද්‍රා ෆිනෑන්ස් සිය සාර්ථක සහ සමාජීය ව්‍යාපාරික ආකෘතිය ශ්‍රී ලංකාව තුළ ප්‍රතිවර්තනය කිරීම අරමුණු කර සිටී. ඒ අනුව ඉන්දියාවට සංස්කෘතික හා භූගෝලීය වශයෙන් සමානකම් ඇති ශ්‍රී ලංකාව සහ එහි මූල්‍ය සේවා වෙළෙඳපොළ මහින්ද්‍රා ෆිනෑන්ස් සඳහා හොඳ අවස්ථාවක් ලෙස මතු වී තිබේ.

Date of incorporation: 24th January 2012 Licensed by the Monetary Board of the Central Bank of Sri Lanka under the Finance Business Act No. 42 of 2011 | Credit Rating: AA--(LKA) RATING OUTLOOK STABLE BY FITCH RATING LANKA LIMITED| Company Reg.No: PB 4963

© 2024 Mahindra Ideal Finance

Site by Xiteb