MIFL තෝරා ගත යුත්තේ ඇයි? – තරඟකාරි හිනිපෙත්ත

මහින්ද්‍රා අයිඩියල් ෆයිනෑන්ස් ලිමිටඩ් සමාගම පා තබා ඇත්තේ‍ රජයේ දර්ශනය වන අසීමිත සංවර්ධනය මත පදනම් වූ වර්ධනය වන ආර්ථික වාතාවරණයකටය.මෙය අනෙක් අතට උගත් හා දැනුමැති පාරිභෝගික පිරිසකගේ නොනවතින හා වේගයෙන් වර්ධනය වන අසමසම සේවා ඉල්ලුමට මුහුණ දීමට ලියාපදිංචි මුල්‍ය සමාගම් වෙත නව ඉඩප්‍රස්ථාවන් උදාවීමකි. මෙය නිසැකයෙන්ම MIFL වෙතද අතිශයින් වැදගත් වන අතර දැනුම, සම්පත් සහ ප්‍රවීණත්වය කැටිවූ බෙහෙවින් ප්‍රයෝගිකව සැලකෙන ඉදිරිය දැකීමේ හැකියාව මෙම වාතාවරණයෙන් උපරිම ඵල නෙලා ගැනීමට මනා පිටුවහලකි. MIFL තරඟකාරි හිනිපෙත්ත පහත සඳහන් දෑවලින් ශක්තිමත්ය.

  • සීමාසහිත මහින්ද්‍රා අයිඩියල් මෝ‍ටර්ස් (පුද්ගලික) සමාගම MIFL හි ප්‍රවර්ධකයා වන අතර ප්‍රාග්ධනය, වෙළඳපොළ දර්ශනය කළමනාකාරිත්ව යෙදවුම් හා ව්‍යාපාර නායකත්වය දැරීමට ශක්තියත් හැකියාවත් කැටිවූ ශ්‍රී ලාංකේය මෝටර්රථ කර්මාන්තයේ ප්‍රබලයෙකි.
  • මහින්ද්‍රා අයිඩියල් සමූහ ව්‍යාපාරය යටතේ සිටින MIFL වෙළඳනාම හඳුනාගැනී,මනා පිලිගැනීමක් ඇති ශාඛා හා නියෝජිත ජාලයන්ට පිවිසීමේ හැකියාව මෙන්ම අගය දාමයෙන් හා පිරිවැය කාර්යක්ෂමතාවයෙන් සන්නද්ධ ආයතනයකි.
  • ආකර්ශණීය පහරවල් සමගින් වන විශිෂ්ට පිති හරඹය සඳහා ලෝකප්‍රකට ක්‍රිකට් සංකේතයක් වන අරවින්ද ද සිල්වා MIFL හි වෙළඳනාම තානාපති ලෙස පත්ව සිටීමේ ප්‍රතිලාභය MIFL නිරන්තරයෙන් භුක්තිවිඳී.
  • ජාත්‍යන්තර ආයතනික වාතාවරණයන්ගෙන් ලද ප්‍රබල මෙන්ම විවිධාකාරවූ අත්දැකීම් මෙන්ම දැනුම් හා කුසලතාවයන්ගෙන් පරිපූර්ණ  ප්‍රබල අධ්‍යක්ෂ මණ්ඩලයක් MIFL සතුය.
  • නවීන අදහස් මෙන්ම පුළුල් අත්දැකීම් සම්භාරයක් සමගින් සමාජීය වගකීම දරන්නාවූ මුල්‍යමය සේවාවන් සැපයීමට ජ්‍යෙෂ්ට කළමනාකාරිත්වය ‍දැඩි කැපවීමෙන් බැඳී සිටී.
  • දැනුම වර්ධනයට මහත් රුචිකත්වයක් දක්වනු ලබන කණ්ඩායමක් MIFL සතු වන අතර පුද්ගලික හැකියාවන් හා කුසලතාවයන් ඔප්නැංවීම සඳහා ඔවුන් නිරන්තර පුහුණුවට යොමු කෙරේ..
  • මූලික කොටස් වියදමෙන් පසුත් පවතින අසමසම දීර්ඝකාලීන ප්‍රාග්ධනය.
  • සිත්ගන්නාසුළු පිටුවහල මෙන්ම සුවිශේෂි දැනුම් සම්භාරය හේතුවෙන් විදේශ කාලීන ණය විනිමය අනුපාතිකයකින්‍ තොරව ලබා ගැනීමේ ප්‍රබල හැකියාව.
  • ‍‍තොරතුරු හා සන්නිවේදනයේ නවතම අංගය වන ‍ජංගම දුරකථන උපයෝගයෙන් අවම කාලයකින් හා උපරිම පහසුවෙන් හා කාර්යක්ෂමතාවයෙන් මුල්‍ය කළමානාකරණය කිරීමේ හැකියාව.
  • නැගී එන රැල්ල, අභි‍යෝගයන්, ඉඩප්‍රස්ථාවන්ට මෙන්ම ප්‍රාදේශීය විවිධත්වය සහ ක්ෂේත්‍රය තුල අක්‍රීය සේවා ජාලය වඩාත් නම්‍යශීලී කිරීමේ අවදානමට සවිබල දිය හැකි ආකාරය නිරන්තරයෙන් විශ්ලේෂණය කෙරන අද්විතීය ව්‍යාපාර ආකෘතිය.
  • සුදුසු වෙළඳපොළ හඳුනා ගනිමින් සේවාදායකයා වෙත පෞද්ගලිකව මනා අවබෝධයක් හා දැනුමක් ලබාදීමේ වෙනස්ම හා මහඟු ක්‍රියාමාර්ගයක් MIFL විසින් දියත් කර ඇත.

Date of incorporation: 24th January 2012 Licensed by the Monetary Board of the Central Bank of Sri Lanka under the Finance Business Act No. 42 of 2011 | Credit Rating: AA--(LKA) RATING OUTLOOK STABLE BY FITCH RATING LANKA LIMITED| Company Reg.No: PB 4963

© 2024 Mahindra Ideal Finance

Site by Xiteb