අපගේ ඉතිහාසය

මහින්ද්‍රා පිළිබඳව

1945 දී ආරම්භ කරන ලද මහින්ද්‍රා සමූහය, රටවල් 100කට අධික සංඛ්‍යාවක් පුරා විහිදුණු 260,000 ක සේවක සංඛ්‍යාවක් සිටින ලොව විශාලතම සහ වඩාත්ම ප්‍රශංසනීය බහුජාතික සමාගමකි. එය ඉන්දියාවට ගොවි උපකරණ, උපයෝගිතා වාහන, තොරතුරු තාක්‍ෂණය සහ මූල්‍ය සේවාවන් සඳහා නායකත්වය ලබා දෙන සමාගමක් වන අතර ලොව විශාලතම ට්‍රැක්ටර් සමාගම ද වේ. පුනර්ජනනීය බලශක්තිය, කෘෂිකර්මාන්තය, සැපයුම්, ආගන්තුක සත්කාර සහ දේපළ වෙළඳාම් යන ක්ෂේත්‍රවල ප්‍රබල පැවැත්මක් මහින්ද්‍රා සතුව ඇත.

මහින්ද්‍රා සමූහ ව්‍යාපාරය ගෝලීය වශයෙන් පරිසරය, සමාජය සහ පාලනය යන සාධක වලින් පෝෂිත ප්‍රමුඛ රටවල් කෙරෙහි පැහැදිලි අවධානයක් යොමු කරයි. ග්‍රාමීය ජනතාවගේ ජීවිත වල සමෘද්ධිමත් කරවනවා සහ නාගරික ජනතාවගේ ජීවන රටාව වැඩිදියුණු කරවයි. එමෙන්ම ප්‍රජාවන්ගේ සහ පාර්ශ්වකරුවන්ගේ ජීවිතවල ධනාත්මක වෙනසක් ඇති කිරීමේ අරමුණින් ඔවුන් නගා සිටුවීමට ද සිදු කරමින් සිටී.

මහින්ද්‍රා පිළිබඳව තවදුරටත් දැනගන්න පිවිසෙන්න. www.mahindra.com

ට්විටර් : @MahindraRise සහ ෆේස්බුක් : @MahindraRise
යාවත්කාලීන වීම් සඳහා https://www.mahindra.com/newsroom සබ්ස්ක්‍රයිබ් කරන්න

Mahindra & Mahindra Financial Services Limited පිළිබඳව:

මහින්ද්‍රා සමූහයේ කොටසක් වන Mahindra & Mahindra Financial Services Limited (Mahindra Finance), ඉන්දියාවේ ප්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය සමාගමකි. ග්‍රාමීය සහ අර්ධ නාගරික අංශය කෙරෙහි අවධානය යොමු කර ඇති මෙම සමාගමට මිලියන 7.3 කට අධික ගනුදෙනුකරුවන් සිටින අතර කළමනාකරණය යටතේ වත්කම් ඩොලර් බිලියන 11 කට වඩා තිබේ. සමාගම ප්‍රමුඛ පෙළේ වාහන සහ ට්‍රැක්ටර් වෙනුවෙන් විශාල මුදල් ප්‍රමාණයක් කළමනාකරණය කරන්නා වූ මූල්‍ය ආයතනයක් වන අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ණය ලබා දෙන අතර ස්ථාවර තැන්පතු ද පිරිනමයි.

සමාගමට කාර්යාල 1,388 ක් ඇති අතර ඉන්දියාව පුරා ගම්මාන 380,000 ක් සහ නගර 7,000 ක් පුරා විසිරී සිටින ගනුදෙනුකරුවන් වෙත ළඟා වේ.

Great Place to Work ආයතනය විසින් නම් කළ 2021 වසරේ වැඩ කිරීමට සුදුසු ඉන්දියාවේ හොඳම සමාගම් අතරින් 54 වැනි ස්ථානයට මහින්ද්‍රා ෆිනෑන්ස් පත් වී ඇත.

Mahindra Insurance Brokers Limited (MIBL) යනු මෙම සමාගමේ රක්ෂණ තැරැව් සමබන්ධ අනුබද්ධිත ආයතනය වන අතර සෘජු සහ ප්‍රතිරක්ෂණ තැරැව්කාර සේවා සපයන බලපත්‍රලාභී සංයුක්ත තැරැව්කරුවෙකි.

Mahindra Rural Housing Finance Limited (MRHFL) ද මහින්ද්‍රා ෆිනෑන්ස් හි අනුබද්ධිත ආයතනයක් වන අතර එය ඉන්දියාවේ ග්‍රාමීය සහ අර්ධ නාගරික ප්‍රදේශවල පුද්ගලයන්ට නිවාස මිලදී ගැනීම්, ප්‍රතිසංස්කරණ කිරීම් හා ඉදිකිරීම් සඳහා ණය ලබා දේ.
Mahindra Finance CSR පදනම යනු 2013 සමාගම් පනතේ 8 වැනි වගන්තියේ විධිවිධාන යටතේ සමාගමේ සහ එහි අනුබද්ධ ආයතනවල ආයතනික සමාජ වගකීම සම්බන්ධ ව්‍යාපෘති භාර ගැනීම සඳහා පූර්ණ හිමිකාරීත්වය දරන අනුබද්ධ සමාගමයි.
Mahindra Manulife Investment Management Private Limited සමාගම (පෙර හැඳින්වූයේ Mahindra Asset Management Company Private Limited ලෙස) Mahindra Manulife Mutual Fund හි (පෙර Mahindra Mutual Fund ලෙස හැඳින් වූ) ආයෝජන කළමනාකරු ලෙස ක්‍රියා කරයි.

2020 අප්‍රේල් 29 වැනි දින මහින්ද්‍රා ෆිනෑන්ස් විසින් එහි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන Mahindra Manulife Investment Management Private Limited හි 49% ක කොටස්, 51:49 ක හවුල් ව්‍යාපාරයක් පිහිටුවීමට Manulife Investment Management (Singapore) වෙත විකුණන ලදී.

මහින්ද්‍රා ෆිනෑන්ස් සමාගමට එක්සත් ජනපදයේ De Lage Landen සමඟ සහයෝගීතාවයෙන් මහින්ද්‍රා වාහන සඳහා මුදල් සැපයීමට Mahindra Finance USA LLC නමින් හවුල් ව්‍යාපාරයක් ද ඇත. එය Rabo Bank හි අනුබද්ධිත ආයතනයකි.

මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් (අයිඩියල් ෆිනෑන්ස්) යනු ශ්‍රී ලාංකික සමාගමේ අනුබද්ධිත ආයතනයක් වන අතර එහි 58.2% ක කොටස් සමාගම සතුය.

අයිඩියල් ෆිනෑන්ස් ශ්‍රී ලංකා වෙළෙඳපොළට විවිධාංගීකරණය වූ මූල්‍ය සේවාවන් ගණනාවක් සැපයීම කෙරෙහි අවධානය යොමු කරයි.

මහින්ද්‍රා ෆිනෑන්ස් ගැන තවත් තොරතුරු දැනගන්න පිවිසෙන්න www.mahindrafinance.com වෙත.
ට්විටර් : @MahindraFin හා ෆේස්බුක් : @MahindraFin

අයිඩියල් ෆිනෑන්ස් ලිමිටඩ් පිළිබඳව

ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි බැංකු නොවන මූල්‍ය ආයතනයක් වන අයිඩියල් ෆිනෑන්ස් 2012 මාර්තු මාසයේදී ග්‍රාමීය සහ අර්ධ නාගරික අංශ කෙරෙහි පැහැදිලි අවධානයක් යොමු කරමින් මෙහෙයුම් ආරම්භ කරන ලදී.

එහි ණය දෙන පරාසය වාණිජ ට්‍රක් රථ, මෝටර් කාර්, ත්‍රිරෝද රථ, ද්වි රෝද රථ, රන් ණය සහ පුද්ගලික ණය වලින් සමන්විත වන අතර එය IFL විසින් අවධානය යොමු කරන ලද වෙළඳපල කොටසේ නියෝජනය පිළිබිඹු කරයි.

දර්ශනය

අපගේ සේවාදායකයින්ගේ ජීවිත සැපවත් කරන්නාවූ ධනය නිපදවන හොඳම මුල්‍ය සහකරු වීම

පරමාර්ථය

ඒ තමයි :
අපගේ සේවාදායකයින් වෙත මුල්‍යමය උපකාර සපයමින් විශ්වසනීයයි සහ
අපගේ සේවාකයින්ගේ වෘත්තීමය හා පෞද්ගලික ජීවිත
ඔප්නංවමින් ඔවුන්ගේ වඩාත් ජනප්‍රියම සේවායෝජකයා වෙමින්

කොටස්කරු ධනය වර්ධනය කිරීමෙන් සමාගමේ
කොටස්කරුවෙකු වීම ඔවුන්ට ආඩම්බරයක් කරමින්

Date of incorporation: 24th January 2012 Licensed by the Monetary Board of the Central Bank of Sri Lanka under the Finance Business Act No. 42 of 2011 | Credit Rating: AA--(LKA) RATING OUTLOOK STABLE BY FITCH RATING LANKA LIMITED| Company Reg.No: PB 4963

© 2024 Mahindra Ideal Finance

Site by Xiteb